• විමසීම් 037-3618000

බලපත්‍ර

  • වයඹ පළාත තුල මගීප්‍රවාහනයේ යෙදෙන පොදු මගී ජනතාව උදෙසා ගුණාත්මක බවින් පිරිපුන් පලදායි ප්‍රවාහන සේවාවක් ලබාදීම සදහා වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් දැනට වයඹ පළාත් තුල ධාවනය සදහා මාර්ග බලපත්‍ර 1419කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇත.
  • රියදුරු අභ්‍යාස විදුහල

      පළාත් සභා තුල ප්‍රථම රියදුරු අභ්‍යාස විදුහල වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ආරම්භ කරමින් නීති ගරුක සහ යුක්තිගරුක රියදුරන් බිහිකිරීම පිණිස ප්‍රවීන උපදේශක මණ්ඩලයක් යොදවා ගනිමින් උසස් මට්ටමේ පුහුණුවක් ලබාදෙන රියදුරු අභ්‍යාස විදුහලක් පිහිටුවා ඇත.විධිමත් පුහුණුවෙන් පසු රියදුරන් සදහා ප්‍රවීණතා සහතිකයක් නිකුත්කරනු ලැබේ. එමෙන්ම පළාත් මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන ලබගනිමින්ද සහනදායි ගාස්තු ක්‍රමයක් අනුගමනය කරමින්ද පළාතේ රැකියා විරහිත තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා උදාකරදීමට පියවර ගෙන ඇත.
    • 1. බර වාහන බලපත්‍රය සදහා පුහුණු කිරීම
    • 2. සැහැල්ලු වාහන බලපත්‍රය සදහා පුහුණු කිරීම
    • 3. රියදුරු බලපත්‍රය සදහා අමතර පුහුණුව
    • 4. ආයතනික රියදුරු බදවාගැනීම්
    • 5. කොන්දොස්තර පුහුණු පාඨමාලා

    රියදුරු කොන්දොස්තර පුහුණුව

      පළාත තුල ධාවනය කරනු ලබන බස්රථ වල සේවය කරනු ලබන රියදුරු කොන්දොස්තර මහතුන් 3500කට ආසන්න ප්‍රමාණයක් අධිකාරියේ ලියාපදිංචිකර ,විනය ගරුක සේවාවක් ලබාදීම සදහා විධිමත් පුහුණුවක් ලබාදී ඇත.

    කාර්යාල සේවා

  • පළාත තුල දිස්ත්‍රික්ක දෙකම ආවරණය වන පරිදි රාජකාරි කටයුතු සදහා පැමිණෙන සේවක මහත්ම මහත්මින් සදහා නිසි වෙලාවට , ආරක්ෂිතව සේවා ස්ථානයට ලගාවිමටත් , නිවෙස් බලා යාමටත් නගරයේ කාර්යාල ආවරණය වන පරිදි ධාවනය සදහා මෙම බලපත්‍රය ලබාදී ඇත. දැනට පහත සදහන් මාර්ගයන් වල එම සේවාව පවත්වාගෙන යනු ලබයි.

      1. පුත්තලම -කුරුණෑගල
      2. මහව - කුරුණෑගල
      3. හලාවත -කුරුණෑගල
      4. ඕමාරගොල්ල - කුරුණෑගල
      5. සියඹලන්ගමුව - කුරුණෑගල
      6. ගල්ගමුව කුරුණෑගල
      7. කුරුණෑගල-පුත්තලම

    ජංගම සේවා

  • මෙම අංශය ස්ථාපිත කිරීම මගින් කුරුණෑගල , පුත්තලම , කුලියාපිටිය කලාප් 03හි බස් රථ සමසහයුම් කටයුතු සිදුකරනු ලැසේ . එහිදී බස් රථ පරික්ෂා කිරීම , මගී ප්‍රවේශ පත්‍ර , රියදුරු/ කොන්දොස්තර බලපත්‍ර, නිල ඇදුම පිළිබෙ අධීක්ෂණය සිදුකරනු ලැබේ . මේ මගින් මගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබාදීම ප්‍රමුඛ අරමුණ වේ.
  • පැමිණිලි අංශය

  • මෙහිදී බස්රථ පිලිබදවත් , සේවයේ නියුතු සේවක මණ්ඩලය සිදුකරන වැරදි ක්‍රියා පිලිබදවත් තොරතුරු ලබා ගැනීම සදහා ස්තාපිත කර ඇත. ලැබෙන පැමිණිලි සදහා ක්ෂණිකව කටයුතු කල හැකි නම් ජංගම අංශය යොදව කඩිනමින් සොයා බලන අතර අනෙකුත් පැමිණිලි පිලිබදව සොයා බල විමර්ශනයක් සිදුකර සුදුසු විසදුම් ලබා දෙනු ලැබේ.