ජාතික ගමනා ගමන් කොමිෂන් සභාව මගින් හදුන්වා දී ඇති ගැමිසැරිය ප්‍රවාහන් සේවාව යටතේ අප පළාත තුල ප්‍රවාහන පහසුකම් නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටින ග්‍රාමීය ජනතාව වෙත ප්‍රවාහන පහසුකම් සලසා දීම සදහා මෙම සේවාවද පළාත තුල දියත්කර ඇති අතර එමගින් ග්‍රාමීය ජනතාවට නගරය කරා පහසුවෙන් ලගාවිමටත්, තම ආර්ථික , සමාජීය පසුබිම නංවා ගැනීමටත් මෙය මහගු පිටුවහලක්ව පවතී. එපමණක් නොව ග්‍රාමීය මාර්ග වල මෙම ව්‍යාපෘතිය යටතේ ධවානය වන බස්රථ සහදා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ධාවනය වන කිලෝමීටරයක් සදහා සහන මුදලක්ද ගෙවනු ලැබේ.