පාසල් ළමුන් සඳහා වෙන් කරන ලද බස් සේවාව

2005 වර්ෂයේ සිට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් දියත් කරන්නට යෙදුන පාසල් බස් රථ සේවා ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත් තුල ද මෙම සේවාව දියත් කිරීම ආරම්භ කෙරුණි. මෙම සේවාව නිසා කලට වෙලාවට ආරක්ෂිතව පාසැල් කරා යාමටත් , සිසු දරු දැරියන්ගෙන් අර්ධ ගාස්තු අයකිරීම තුලින් පවුල් වල ආර්ථිකයන්ටද සහනයක් ලබාදේ . සිසු සැරිය බස්රථ වල ගමන් කළල හැක්කේ නිල ඇදුමින් සැරසුණු පාසල් ළමුන්ටත් පාසල් ගුරුභාවතුන්ටත් පමණක් වන අතර පාසල් දරු දැරියන්ගෙන් නියමිත ගාස්තුවෙන් අඩක් පමණක් අයකර සහනදායි සේවාවක් සපයනු ලැබේ.