ලේකම් තුමාගේ සුභාශිංසන පණිවිඩය

 එදිනෙදා සමාජයේ ජන ජීවිතනේ ඉතා වැදගත් ස්ථානයක් පොදු මගී ප්‍රවාහනයට ලැබේ. ඒ ගම හා නගරය අතර මගී ජනතාව ප්‍රවාහෙය කිරීමට,පාසල් දරුවන් ප්‍රවාහනය යනාදී වශනයනි. වයඹ මිලියෙ 2.5 ක් පමණ වු ජනගහනය සදහා රාජය අංශයේ ලංගම ප්‍රවාහන සේවාවන් සමඟ එක්ව හා ප්‍රමුඛත්වය ගනිමින් මාර්ග 384 ක් යටතේ ලියා දිංචි බලපත්‍ර 1350 ක් උපයෝගී කර ගනිමින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ජනතාවට තම ප්‍රවාහන සේවාවන් ලබානදනු ලබයි. මේ අයුරින් ඉතා විශාල සේවාවක් ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරවන අතරම, මගී ජනතාව ඔවුන්ගේ අවශයතාවයන්ට අනුව සුරක්ෂිතව, කලට වෙලාවට, ගමනාන්තය දක්වා රැගෙන යෑමේ වගකීම ද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැවරී තිබේ.

 ප්‍රවාහන ක්‍රියාවලිය තුල පවත්නා වූ අවිධිමත් බව හා සංකීර්ණභාවය හේතුවෙන් මගී ජනතාව, රාජය අංශය, බලපත්‍ර හිමියන් බස්රථ සේවකයන් විවිධ වූ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් සිටී. එබැවින් ප්‍රවාහන සේවය සඳහා වඩා විධිමත් වූ ක්‍රමවේදයක් ඇතිකිරීමේ අවශයතාවය අමාතයාංශය විසින් හදුනාගත් අතර ඒ සඳහා අප අමාතයාංශනේ ප්‍රවාහන විෂයට වෙන්වන වාර්ෂික ප්‍රතිපාදන තුළින් පරිගණක තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස්කිරීමට තීරණය විය. ඒ අනුව 2018 වර්ෂනේ ඇරඹි මෙම ව්‍යාපෘතියේ මෙලෙස සමරම්භය සනිටුහන් කිරීමට ලැබීම ඉමහත් ප්‍රීතියට කරුණක් බව කිව යුතුය.

 මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය තුළින් පොදු මගී ජනතාව, බලපත්‍ර හිමියන්, බස්රථ සේවක මහතුන් මෙම ප්‍රවාහන අධිකාරියට සම්බන්ධ නිළධාරීන්ටද එක ලෙස ප්‍රතිලාභ හිමිකර ගත හැකිය. මෙහිදී මහජනත්ව වෙත ගාස්තු පිළිබඳ විස්තර නමන්ම බලපත්‍ර අදාළ සේවා සපයන්නන් පිළිබඳ විස්තර ලබා ගැනීනේ හැකියාව හිමිවන අතර එමඟින් වංචා , දුෂණ අවම කිරීමටත්, එවැනි දේ සිදුවී ඇත්නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීමේ හැකියාවත් මහජනත්ව වෙත ලබා දී ඇත. මේහිදී ධාවන කාල සටහන් ප්‍රදර්ශනය සඳහාද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එමඟින් කඩිනමින් ජනතාවට නවතම තොරතුරු ලබා දීමට අපේක්ෂිතය.ගමන් වාර කළමනාකරණය, තොරතුරු කළමනාකරණය, පුද්ගලික බස්රථ බලපත්‍ර සම්බන්ධ කටයුතු ක්‍රමානුකූලකරණය, තොරතුරු සැපයීම විධිමත් කිරීම, ඒකාබද්ධ සේවා පවත්වාගෙන යාම තුළින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කාර්යමණ්ඩලයේ රාජකාරි කටයුතු පහසුකිරීම සිදුකරනු ලබයි. එනමන්ම බලපත්‍ර හිමියන් හා බස්රථ සේවක මහතුන් සඳහාද ප්‍රවාහන කටයුතු පහසුවෙන් ගැටුම් රහිතව සිදුකර ගැනීමට අවස්ථාව සැලසෙන අතරම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් කඩිනමින් තම සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබේ. තවද ඵලදායී, කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් වයඹ පළාත තුළ ඇති කිරීම හා ඒ අනුව ජනතාව උදෙසා වඩාත් සමීප කාර්යක්ෂම පෞද්ගලික ප්‍රවාහන සේවාවක් නගසිටුවිමත්, පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආදර්ශයක් වයඹ තුලින් බිහිකිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

 මේ අනුව ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලිත් පවත්නා ගැටලු රාශියකට විසදුම් උත්පාදන වන අතර මහජනතාව, රාජය අංශය, බලපත්‍ර ලාභින්, රියදුරු හා කොන්දොස්තර මහතුන් යන සෑම අංශයකටම ප්‍රතිලාභ හිමිවෙ බැවින් මෙම නවමු ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම තුළින් සමස්ථ වයඹ ජනතාවට සෞභාගය ළගාකර දෙනු ඇතැයි මෙගේ අපේක්ෂාව වන අතර ඒ සඳහා උණුසුම් සුභ පැතුම් මෙලෙස සටහන් කරමි.