ගරු වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්ගේ පණිවිඩය

 වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ජනතාව සඳහා හදුන්වාදෙනු ලබන නව ප්‍රවාහන තොරතුරු පද්ධතිය හා නිල වෙබ් අඩවිය සම්බන්ධදයන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිඳව මා සතුටු වෙමි.

 ආසියානු කලාපයේ තොරතුරු තාක්ෂණය ඉතා සීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර, මෙම වකවානුව තුළ තොරතුරු තාක්ෂණ නිපැයුම් ලොවට හදුන්වාදුන් ශ්‍රි ලාංකිකයන් ද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බිහිවී ඇත. එහෙත් නිපැවුම් වල අරමුණු ප්‍රයෝගිකත්වයට යොදාගැනීම මෙන් සාමානය ජනජීවිතය සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් හඳුන්වාදිය යුතුවන අතර , වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය එවන් ජනහිතකාමී ව්‍යාපෘතිය ක් වනු ඇත.

  ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ආසියනු කලාපය තුළ සීග්‍ර වර්ධනයකට ලක්ව ඇති නමුත් තාක්ෂණයේ යොදාගැනීම මගින් සාමාන්‍ය ජන ජීවිතය සඳහා පහසුවක් සැලසිම සතුටුදයක තත්වයක නොපවතී. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය දීමේදී අවසාන ප්‍රතිළුලය ජනතාව වෙත යම් වාසි දායක තත්වයක් විය යුතු අතර එය හුදෙක් අමතර කාලයක් හෝ වියදමක් දැරීමක් විය යුතු නොවේ. වර්ථමාන ලෝක ආර්ථික ප්‍රවණතාවයන්හි කාලය යනු ආර්ථිකමය වටිනාකමින් ඉතා වටිනාකමින් ඉතා වටිනා ආයෝජනය වන හෙයින් කාල කලමනාකරණයෙහිලා මෙම තාක්ෂණ යෙදීම ඉතා වැදගත් වනු ඇත .

  ගෝලීය ආර්ථික අභියෝගයන් ඉදිරියේදී ශ්‍රි ලංකාව ආර්ථිකමය වශයෙන්ද ඉහල ස්ථානයකට ලගා කිරීම අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස වයඹ පළාතෙහි ජනතාවට මෙම තොරතුරු තාක්ෂණ මෙවලම් උපරිම වශයෙන් යොමු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.