වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්ගේ සුභාශිංසන පණිවිඩය

 ලෝකයේ දිනෙන් දින සීග්‍රයෙන් තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරයි. ගෝලීයකරණය හමුවේ අපට ද හුදකලා වී සිටීමට පුළුවන්කමක් නැත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද බොහෝ ක්ෂේත්‍රයන් තාක්ෂණයට අනුගත වෙමින් සාර්ථක ගමෙකට අවතීර්ණ වී සිටී. වයඹ පළාත් මාර්ගසේථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා හඳුන්වා දෙනු ලබන නිල ලවබ් අඩවිය ද එහි ප්‍රතිඵලය වේ.

  සංකීර්ණ මිනිසා අවශ්‍යතා සරලව ඉටුකරදීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය වර්තමානයේ අත්‍යවශ්‍ය අංගයක් වී ඇත.මෙම ක්ෂේත්‍රයේ මගී ජනතාව, බලපත්‍ර හිමියන් සහ බස් රථ සේවකයන් මුහුණ දෙනු ලබන ගැටළු අවම කර ගැනීම සහ ඔවුන්ගේ නිවැරදි දත්ත සටහන් කර ගැනීමට හැකිවීම නිසා මෙම නිල වෙබ් අඩවිය ඉදිරියේදී වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. මෙසේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රායෝගික භාවිතයන් ජන ජීවිතයට ළඟා කර දීම තුළින් කාර්යක්ෂමව කාලය කළමනාකරණය කළ හැකිවීම සිදිවන අතර මෙය ආර්ථික අභිලයෝග ජයගැනීම සඳහා මහඟු ක්‍රමෝපායකි.

  වයඹ පළාත්වාසී ජනතාවට වඩා විධිමත් සහ ගුණාත්මක සේවයක් ලබා දීම අරමුණු කොටගෙන මෙසේ අරබන මහගු කර්තව්‍ය ය වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමි.